උසස් පෙළ විභාගෙට තව වැඩි කාලයක් ඉතුරු නැහැ.
ඉතිං දැනටමත් සූදානම් වෙලා ඉන්න අයට සුභ පතන ගමන්ම....ඊලග සැරේ ගොඩ යනව හෝ මේ පාර නම් කොහොමත් බෑ කියල වැඩේ අත් හැරල ඉන්න අයට කොහොමද මේ මාස 3න් අපි උසස් පෙළ විභාගය සමත් වෙන්නෙ කියල කියන්න අපි කියල දෙන්නම්......මට මේ කතාව කියන්නෙ දැනට අම්පාර ප්‍රදේශයේ ඉන්න...විශ්ව විද්‍යාල සිසුවෙක් වගේම ඉංජිනේරු තාක්ශණවේදය සිසුන් 500කගෙ පමණ ගුරුවරයෙක්.
අනිවාරෙන්ම උසස් පෙළ විභාගය ගැන කතා කරනකොට සමහරක් විට පන්තියෙ එදිනෙදා වැඩ කොටස 100% නිවැරදිව කරපු ලමයෙක්ට වඩා, ඉතා හොද රිසාල්ට් එකක් දාපු ඒ තරම් බ්‍රයිට් නොවිච්ච කොල්ලො කෙල්ලො ඕනි තරම් දකින්න පුලුවන්.
ගමේ ගොඩේ බැලුවත් සමහර විට ඔහේ රස්තියාදු ගහපු කොල්ලො ගොඩ ගිහින් වගේම 24ම පොතේ හිටපු සමහරු විශයක් හෝ දෙකක් ෆේල් වෙලා තියෙනව දකින්න පුලුවන්....මේකට ප්‍රදානම හේතුව විදියට මම දකින්නෙ බහුතරයක් ලමයි ප්‍රශ්න පත්‍ර කරන්න හුරු වෙලා නෑ.....
තියරි කොටස 100% පාඩම් කරල තිබුණත් වැඩක් නැහැ....ප්‍රශ්නෙකට කොහොමද පිළිතුරු ලියන්නෙ එහෙම නැත්තන් කොහොමද ප්‍රශ්ණෙ විශ්ලේශනය කරන්නෙ කියල තේරුමක් නැත්ත්නම්....
ඉතිං මාස තුනේ චැලෙන්ජ් එකේදි අපි පේපර් උපරිම ප්‍රමාණයක් කරල විභාගයට යන එක තමයි ටාගට් එක...
දැනට ඔයා පාඩම් කරල නැති කෙනෙක් උනත් මේ මාස තුන ප්‍රමාණවත් වෙනව විභාගයට සූදානම් වෙන්න.....
ඉස්සල්ලම අපි කරන්න ඕනි....අදාල විශයයේ පසුගිය ප්‍රශ්න පත්‍ර සියල්ල න් කරගන්න එක...
ඊට පස්සෙ ඔයා පල්වෙනියටම හරියටම වෙලාව අරගෙන මේ ලියන්නෙ උසස් පෙල කියල මේ පේපර් එක කම්ප්ලීට් කරන එක......
මේකෙදි ඔයා ඔයාගෙ උපරිම ශක්තිය යොදවන්න ඕනි,,,,පුලුවන් තරම් හිස්තැන් අවම වෙන්න ප්‍රශ්ණ පත්රේ ඉවර කරන්න..නියමිත වෙලාවට හෝ වැඩිපුර කාලෙ අරගෙන හැබැයි එක දිගටම...
දැන් මේ පේපර් එකේ ඔයා හරි වැරදි රතු පෑනෙන් ලකුණු කරගන්න...
ඊලගට කරන්න ඕනි...නැවත් ඔයා මුල ඉදන් වැරදුන තැන් වලට අදාල කොටස පමණක් පාඩමෙන් හෝ උත්තර පත්ත්රේ ආශ්රයෙන් විසදල සටහනක් හදා ගන්න....
එතකොට පලවෙන පාර පේපර් එකට අදාලව ඔයා ලග ඔයාගෙ උත්තර පත්තරේ විස්තර සටහන තියෙන්න ඕනි....දැන් මේක ස්ටේප්ලර් කරල ෆයිල් එකකට දාන්න.....
දැන් වෙනත් විශයකට අදාලව මේ විදියට....පේපර් එකක් සම්පූර්ණ කරන්න....
මේ විදියට දවසට සාමාන්යෙන් පේපර් 4ක් වත් කරන්න ඕනි,,,,විශේශයෙන් කිසිම වෙලාවක කඩින් කඩ කිරීම සාර්තක වෙන්නෙ නෑ....එක දිගට ඉවර කිරීම තමයි වැදගත්මෙ දේ......
මේ විදියට දවස අවසානේ ඔයාගෙ පේපර් විස්තර සටහන පාඩම් කරන්න ඕනි ......
උදා :
Print (“welcome”) යන්නෙහි ප්‍රතිදානය කුමක්ද ?
පිළිතුර welcome යන්න දර්ශනය වේ..
සටහන : පයිතන් වලදී print(“………”) ලෙස ලියූ විට එය දර්ශනය වේ.
මෙහිදී වැදගත් වන දේ :
ප්‍රශ්ණ පත්‍රයක් සම්පූර්නයෙන්ම කිරීම සහ විස්තර සටහන සැකසීම අකන්ඩ ක්‍රියාවලියක් විය යුතුයි.
මේම ප්‍රශ්ණ පත්‍ර ගොනු සැකසීම අනිවාර්යෙන් කල යුතුයි...
දවස අවසානයේ ප්‍රශ්ණය සහ විස්තර සටහන හඩ නගා කියවිය යුතුයි......
ඉහත කරුනු අනිවාරෙන්ම සම්පූර්ණ කල යුතුය.
මෙය මනස හා සම්බන්ද විද්‍යාත්මක ක්රමවේදයකි.
මෙය මූලිකම ක්‍රමය වන අතර.......මානසික ඒකාග්‍රතාව සම්බන්දව යම් ගැඩලුවක් තියනව නම් අපිවාරෙන්ම කමෙන්ට් කරන්න ඒ ගැන දැන ගන්න ඕනි කියල.
Thanks 😊
ReplyDeleteThank you soo much☺️☺️
ReplyDeleteManasa eka widihkata thiya gnna amaruine
ReplyDelete