කී දෙනෙක් බලලද

5328

Monday, 4 May 2020

හිතට දැනුන මොහොතක් ...

මම අද youtube එකේ video වගයක් බලමින් හිටියෙ...මාලක අයියගෙ sft පාඩම්ක් චාලක රසායනය...
ඉතින් මම මේක lap එකේ full screen දාගන බලන් ඉද්දි අපේ අම්ම මට තේ එකක් අරගෙන ආව...අම්ම මගෙ පිටිපස්සෙන් හිටගන්නව එක්කම video එක දැකල ටක් ගාල අයින් උනා එතනින් එහාට ඈතට වෙලා අම්ම බලාගෙන හිටිය සද්ද නැතුව.....මම video එක නවත්තල ඇයි අම්ම කියල ඇහුවම අම්ම අහනව සර් දැක්කද තේ එක ගේනව කියල.....එවෙලෙ මම අයියෝ අම්මෙ.....කියල හිනා උනා....හැබැයි අම්ම එතනින් ගියාට පස්සෙ මම දන්නෙත් නැහැ ඇහැට කදුලක් ඇවිල්ල.....

ඒ මිනිස්සු මොන තරම් මහන්සි වෙන්න ඇතිද මට '' අ '' හරියට ලියවන්න.....


දියුණුවේ පළමු පියවර ....අම්මට අප්පච්චිට සලකන එක ගරු කරන එක...

අපි ලොකු ලොක්කො...එහෙම නැත්තන් උගත්තු වෙන්න පුලුවන් ..හැබැයි කවදාවත්...ඒ දෙවි වරන්ගෙන් විහිලුවටවත් පිස්සුද කියල අහන්න එපා....

එතනින් පස්සෙ....දියුණුව කියන්නෙ හීනයක් නෙවෙයි........

2015-2019 ET සහ SFT පසුගිය ප්‍රශ්ණ පත්‍ර බාගන්න.

         SFT        ET      2015-2019


විභාගය ගොඩයන්න උපදෙසක් අනිවාරෙන් කියවන්න



Wednesday, 29 April 2020

උසස් පෙළ විභාගෙට තව වැඩි කාලයක් ඉතුරු නැහැ.
ඉතිං දැනටමත් සූදානම් වෙලා ඉන්න අයට සුභ පතන ගමන්ම....ඊලග සැරේ ගොඩ යනව හෝ මේ පාර නම් කොහොමත් බෑ කියල වැඩේ අත් හැරල ඉන්න  අයට කොහොමද මේ මාස 3න් අපි උසස් පෙළ විභාගය සමත් වෙන්නෙ කියල කියන්න අපි කියල දෙන්නම්......මට මේ කතාව කියන්නෙ දැනට අම්පාර  ප්‍රදේශයේ ඉන්න...විශ්ව විද්‍යාල සිසුවෙක් වගේම ඉංජිනේරු තාක්ශණවේදය සිසුන් 500කගෙ පමණ ගුරුවරයෙක්.
අනිවාරෙන්ම උසස් පෙළ විභාගය ගැන කතා කරනකොට සමහරක් විට පන්තියෙ එදිනෙදා වැඩ කොටස 100% නිවැරදිව කරපු ලමයෙක්ට වඩා, ඉතා හොද රිසාල්ට් එකක් දාපු ඒ තරම් බ්‍රයිට් නොවිච්ච කොල්ලො කෙල්ලො ඕනි තරම් දකින්න පුලුවන්.
ගමේ ගොඩේ බැලුවත් සමහර විට ඔහේ රස්තියාදු ගහපු කොල්ලො ගොඩ ගිහින් වගේම 24ම පොතේ හිටපු සමහරු විශයක් හෝ දෙකක් ෆේල් වෙලා තියෙනව දකින්න පුලුවන්....මේකට ප්‍රදානම හේතුව විදියට මම දකින්නෙ බහුතරයක් ලමයි ප්‍රශ්න පත්‍ර කරන්න හුරු වෙලා නෑ.....
තියරි කොටස 100% පාඩම් කරල තිබුණත් වැඩක් නැහැ....ප්‍රශ්නෙකට කොහොමද පිළිතුරු ලියන්නෙ එහෙම නැත්තන් කොහොමද ප්‍රශ්ණෙ විශ්ලේශනය කරන්නෙ කියල තේරුමක් නැත්ත්නම්....
ඉතිං මාස තුනේ චැලෙන්ජ් එකේදි අපි පේපර් උපරිම ප්‍රමාණයක් කරල විභාගයට යන එක තමයි ටාගට් එක...
දැනට ඔයා පාඩම් කරල නැති කෙනෙක් උනත් මේ මාස තුන ප්‍රමාණවත් වෙනව විභාගයට සූදානම් වෙන්න.....


ඉස්සල්ලම   අපි කරන්න ඕනි....අදාල විශයයේ  පසුගිය ප්‍රශ්න පත්‍ර සියල්ල න් කරගන්න එක...


ඊට පස්සෙ ඔයා පල්වෙනියටම හරියටම වෙලාව අරගෙන මේ ලියන්නෙ උසස් පෙල කියල මේ පේපර් එක කම්ප්ලීට් කරන එක......
මේකෙදි ඔයා ඔයාගෙ උපරිම ශක්තිය යොදවන්න ඕනි,,,,පුලුවන් තරම් හිස්තැන් අවම වෙන්න ප්‍රශ්ණ පත්‍රේ ඉවර කරන්න..නියමිත වෙලාවට හෝ වැඩිපුර කාලෙ අරගෙන හැබැයි එක දිගටම...


දැන් මේ පේපර් එකේ ඔයා හරි වැරදි රතු පෑනෙන් ලකුණු කරගන්න...
ඊලගට කරන්න ඕනි...නැවත් ඔයා මුල ඉදන්  වැරදුන තැන් වලට අදාල කොටස පමණක් පාඩමෙන් හෝ උත්තර පත්ත්‍රේ ආශ්‍රයෙන් විසදල සටහනක් හදා ගන්න....
එතකොට පලවෙන පාර පේපර් එකට අදාලව ඔයා ලග ඔයාගෙ උත්තර පත්තරේ විස්තර සටහන තියෙන්න ඕනි....දැන් මේක ස්ටේප්ලර් කරල ෆයිල් එකකට දාන්න.....
දැන් වෙනත් විශයකට අදාලව මේ විදියට....පේපර් එකක් සම්පූර්ණ කරන්න....
මේ විදියට දවසට සාමාන්‍යෙන් පේපර් 4ක් වත් කරන්න ඕනි,,,,විශේශයෙන් කිසිම වෙලාවක කඩින් කඩ කිරීම සාර්තක වෙන්නෙ නෑ....එක දිගට ඉවර කිරීම තමයි වැදගත්මෙ දේ......


මේ විදියට දවස අවසානේ ඔයාගෙ පේපර් විස්තර සටහන පාඩම් කරන්න ඕනි ......


උදා :


Print (“welcome”) යන්නෙහි ප්‍රතිදානය කුමක්ද ?
පිළිතුර welcome යන්න දර්ශනය වේ..


සටහන : පයිතන් වලදී print(“………”) ලෙස ලියූ විට එය දර්ශනය වේ.
මෙහිදී වැදගත් වන දේ :


ප්‍රශ්ණ පත්‍රයක් සම්පූර්නයෙන්ම කිරීම සහ විස්තර සටහන සැකසීම අකන්ඩ ක්‍රියාවලියක් විය යුතුයි.


මේම ප්‍රශ්ණ පත්‍ර ගොනු සැකසීම අනිවාර්‍යෙන් කල යුතුයි...


දවස අවසානයේ ප්‍රශ්ණය සහ විස්තර සටහන හඩ නගා කියවිය යුතුයි......


ඉහත කරුනු අනිවාරෙන්ම සම්පූර්ණ කල යුතුය.
මෙය මනස හා සම්බන්ද විද්‍යාත්මක ක්‍රමවේදයකි.

මෙය මූලිකම ක්‍රමය වන අතර.......මානසික ඒකාග්‍රතාව සම්බන්දව යම් ගැඩලුවක් තියනව නම් අපිවාරෙන්ම කමෙන්ට් කරන්න ඒ ගැන දැන ගන්න ඕනි කියල.

Monday, 27 April 2020

ICT පළමු ඒකකයේ MCQ සියල්ලම

උසස් පෙළ ICT හි පළමු විශයට අදාල සියලුම MCQ ප්‍රශ්ණ .
මෙයට අදාල පිළිතුරු සහ විවරණ කොටස youtube ඔස්සේ ....සහ Pdf ලෙස ඉතා ඉක්මනින් ලබා දීමට කටයුතු කෙරේ.

online iskole youtube චැනල් එක subscribe කරල notification on කරල තියන්න.

දිනකට වැඩි MCQ ප්‍රමාණයක් ආවරණය වන පරිදි මෙලෙස වීඩියෝ නිකුත් කෙරේ.
පළමු වීඩියෝව පහලින් නරඹන්න.

පළමු ඒකකයට අදාල වන MQC download

E කොමස් සම්පූර්ණ සටහන
aduino සම්පූර්ණ සටහන
විභාගය ගොඩ යන්න නම් මේකත් හිතට ගන්න
IT 11 වෙනි පාඩම සම්පූර්ණ සටහන


Friday, 24 April 2020

හැමදාම පලවෙනි පිටුව පාඩම් කරන උන්ට

පාඩම් කරන විදිය
උසස් පෙළ හදාරන ගොඩ දෙනෙක්ට තියන ප්‍රශ්නයත් තමයි මේ පාඩම් කරන්න බැහැ , එහෙම නැත්තන් පාඩම් කරාට මතක හිටින්නෙ නැහැ කියන ප්‍රශ්ණෙ.

ඇත්තටම මතක ශක්තිය අඩු ද කියල හොයාගන්න විදියක් තියෙනව.
හිතන්න ඔයාට අමතක වෙනව නම් ඔයාගෙ ගේ තියන තැන එහෙම නැත්නනම් ඔයාගෙ ගෙදර උදවිය ,ඇත්තටම ඔයාට මානසික ලෙඩක් තියනව

ඔයා මෝඩයිද කියල බලා ගන්න (IQ leval) එක අඩුයිද කියල හොයා ගන්න පුලුවන් ඔයාට මේ මොහොතේ වෙලාව ආසන්න පැය 3කට අනුමාන කිරීමේ හැකියාව අනුව, ඒ කියන්නෙ ඔයා පාන්දර 5ට විතර ඔයා කියනව නම් දැන් වෙලාව උදේ දහයයි කියල ඔයා පට්ට මෝඩයි.

වෛද්‍ය විද්‍යාවෙදි ඔහොම තමයි මේ දේවල් මනින්නෙ.....

දැං කතාව මේකයි...ඔයා ඔය මම ඉස්සල්ල කීව වගේ මෝඩ හෝ වෙන මානසික ලෙඩක් නැතත් ඉගෙන ගන්න බැරි ද...
ඒකට විසදුම තමයි මේක.

ඉස්සල්ල හොද ෆිල්ම් එකක් බලපන්.....සිංහල නම් විදූ හිංදි නම්  3 ඉඩියට්ස් වගේ...

බලල ඉවර වෙද්දි උබට පොඩි මොරාල් එකක් හැදෙයි උබටත් ඒ වගේ ලංකාවෙ ලෝකෙ හෝ උබේ ඉස්කෝලෙ බ්‍රෑන්ඩ් එකක් වෙන්න.
ඒ කියන්නෙ බං....ඔය ගාන පසිදුවගෙන් අහගනින්කො හරියටම කියල අපි කියන්නෙ ඒ ...පසිදු වගේ වෙන්න උබට හිතෙයි....

ඉතිං කොහොම හරි....උබේ ක්‍රමේට උබ පාඩම් කරන ට්‍රැක් එකට වැටියන් ඉස්සෙල්ල.
දැං හරි......
දැං පාඩම් කරන්න ගත්ත ගමන් හැමදාම සද්දෙන් කියවන මුල් පිටු හතර පහ දකිද්දිම එපා වෙයි....ඒ  නිසා නෝට් පොත නෙවේ උබ සිලබස් එක හරි ගුරු අත් පොත හරි ගනින්....අර බං අපිට අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් දුන්න පොතත් හොදයි...
ඒ පොත ගත්තා පෙරලුව පටුනට.....ගත්ත කොලයක් ඒ4 ගත්ත නිල් පෑන
අද පාඩම් කරන්නෙ මේ ටික කියල හිතා 
ගනින්...


උදාහරනයක් විදියට SFT ක්ශුද්‍ර ජීව කොටස. 
  
මේ පල්ලෙහා තියන විදියට සටහනක් ගහපන් ,


ඔය උඩ ඉලක්කම් සටහනේ තියෙන්නෙ බං ක්ෂ්ද්‍ර ජීවී කාණ්ඩ යටතේ තියන මූලික වර්ග 5යි ඒ පහ ඇතුලෙ අපිට ඉගෙන ගන්න තියන දේවල් ටිකයි.

ඉස්සල්ල ඔය ටික පාඩම් කරපන්කො. ඒ කියන්නෙ 50% ක් හරි.
ඔන්න මම පාඩම් කරගත්ත 

දැං අපිට පාඩම ෆුල් මීටර් ඒ කීවෙ දැං අපි ඉගන ගන්න යන්නෙ අවබෝධයෙන්
දැං පාඩම කියවන්න පටන් ගනින්...
කියවන හැම පාරකදිම පුලුවන්නම් උබ සර් කෙනෙක් කියල හිතාගෙන මේක සර් ඉගැන්නුව නම් මෙහෙමයි කියල හයියෙන් කියවපන්...

අර ඉලක්කන් සටහන , විසි කරන්න එහෙම එපා උබ පාඩම් කරා ද කියල බලා ගන්නෙ ඕකෙන් ඕක එල්ලපන් බිත්තියෙ.....
එල්ලලා උබ පාඩමේ ඒ කොටස කියවපු හැම පාරටම සටහනේ ඒ කොටස ඉස්සරහ තරුවක් දාපන්....
උදේ නැගිටලා පාඩම් කරන්න කලින් හෙන සද්දෙට මතක් කරල දියන් මනසට....’’ ළමයි ඊයෙ අපි අවසානෙට මේ මේ ටික කතා කරා ඒ යටතේ මේව කතා කරා මේ ඇසුරෙන් අහන්න පුලුවන් ප්‍රශ්ණ ටික කතා කරා...කියල සර්ව ආරූඪ කරගනින්....

ඊට පස්සෙ අද පාඩම හරි.....ඊයෙ අමතක දේවල් ටික හරි ආයෙ බලන්න ගනින්..

වැඩේ හොද නරක හෝ උබලට මේක වැඩක් නැද්ද කියල කමෙන්ට් එකක් දාන් පලයල්ල ලෝභ නැතුව....
කට පාඩම් නොකර ගොඩ යන විදිය මම අනිවාරෙන් කියල දෙන්න..

ඉදිරියේදි......පාඩම් කරන ඉලක්කම් ක්‍රම , කෙටි සටහනක් ගහන විදිය, මතක සිතුවම වගේ ගොඩක් දේවල් කියල දෙන්නම් ...මගේ බ්ලොග් එක එක්ක ටච් එකේ ඉදපල්ල බුදු සරණයි.....
විභාගෙ නම් කල්  යන්න එපා එහෙනම්........

Thursday, 23 April 2020

ICT අවදානම් පාඩමක්.(A risky lesson.)

                                       ICT අවදානම් පාඩමක්.(A risky lesson.)

Preparing for the exam is a bit risky now, but as many teachers say, the last few lessons of our course are ready to be questioned ... let's start with preparations for risk.
e Comus Lesson is a download road.
The rest of the lessons will be posted soon



දැන් තියන තත්වෙ එක්ක විභාගෙකට සූදානම් වෙන දේ ටිකක් අවදානම් හැබැයි ගොඩක් ගුරුවරු කියන විදියට අපේ පාඩම් මාලාවෙ අවසන් පාඩම් කීපයෙන් ප්‍රශ්න සැකසීමට සූදානමක් තියෙනව...අවදානමට පෙර සූදානම කියල වැඩේ පටන් ගමු.
e කොමස් පාඩම දාල තියෙන්නෙ ඩවුන්ලෝඩ් පාරක් දාගනිල්ල.
ඉතිරි පාඩම් ඔක්කම ඉක්මනට දානව.පොඩ්ඩක් ටච් එකේ ඉදපල්ල


මේකෙන් ගිහින් බාගනින්ලකො


එක්ව ගොඩ යමු අපේ වට්සැප් ගෲප් එක




This is how AL passes ( AL ගොඩයන්නෙ මෙහෙමයි. )

                              This is how AL passes  ( AL ගොඩයන්නෙ මෙහෙමයි. )


මේක ලියන්නෙ පාඩම් කරන්නෙ නැති උන්ට ....
දැං ඇති පිස්සු කෙළිය ..
දැං වැඩ පටන් ගනින්...
තියෙන්නෙ තව දවස් 100යි.
එක විශයකට දවස් 30ක් තියෙනව...
දැං හෙට උදේ ඉදන් පටන් ගනින්.
ET / IT / SFT
නෝට්ස් ඔක්කම දෙන්නම්.
වැඩ පටන් ගනින් ගේම ගොඩ දා ගන්න ඕනි සපෝට් එකක් දෙන්නම්.
විශේශයෙන් උබට පිස්සු හැදෙන ගනන් අකුරක් නෑර පැහැදිලි කරන්නම්.

මුලින් ඕනි කරන ඔක්කම  බාගනින්කො :   නෝට් ටික
මේකට සෙට් වෙලා බැරි ඕනි දෙයක් ඕනි වෙලාවක අහපන්. :  වට්සැප් කල්ලිය


For those who are not studying this ...
Crazy fucking
Start working now ...
We have 100 days.
One subject has 30 days ...
Begin tomorrow morning.
ET / IT / SFT
I'll give you the notes.
I'll give you a snap to start the job.
I'll explain to you, especially the crazy letter.






Monday, 20 April 2020

IT ඔක්කම නෝට් මෙහෙන්

ICT නෝට් ඔක්කම මෙතනින්  බාගන්න

View all notes in Engineering Technology ඉංජිනේරු තාක්ෂණවේදය විශයට අදාල සියලු සටහන්

 නව නිර්දේෂයට අදාලව ශ්‍රී ලංකා අද්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද පෙළ පොත් එකතුව 



A collection of text books issued by the Department of Education of Sri Lanka in relation to the new recommendation of 2017 can be downloaded here.


2017

 නව නිර්දේෂයට අදාලව ශ්‍රී ලංකා අද්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද පෙළ පොත් එකතුව මෙහිදී බා ගත කල හැක.


මෙතනින් යන්න


Sunday, 19 April 2020

AL IT The Macro Internet 11 වෙනි නිපුණතාවට 11 පාඩම

With regard to skill 11 The Macro Internet Downloads 12-page complete lesson
 

11 වෙනි නිපුණතාවට අදාලවසාර්ව ද්‍රව්‍ය අන්තර් ජාලයපිටු 12 කින් යුත් සම්පූර්ණ පාඩම බාගත කිරීම


1  2  3  4  5  6  7  8  9  10  11  12



Saturday, 18 April 2020

E commercial lesson (e වානිජ්‍ය) සම්පූර්ණ සටහන


Click here for the full text of the commercial lesson
e වානිජ්‍ය පාඩමට අවශ්‍ය සම්පූර්ණ සටහන මෙතනින් බාගන්න.

සියලු කොටස් download කරගන්න
click here

1 2  3   4   5   6   7   8   9   10

කිසියම් අඩුපාඩුවක් හෝ අපහසුවක් වේ නම් කමෙන්ට් කරන්න.